Update : කොත්මලේ ජලාශයට වැටුනු කාන්තා මළ සිරුර හමුවේ

Friday, 05 February 2016 - 14:33

Update+%3A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%BD%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
ඉහළ කොත්මලේ ජලාශයට වැටී අද පෙරවරුවේ අතුරුදන් වූ කාන්තාවගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.

පොලිස් ජීවිතාරක්ෂක බලකාය සහ ප්‍රදේශවාසීන් එක්ව කළ මෙහෙයුමකින් අනතුරුවයි මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ.

අද උදෑසන 11ට පමණ මෙම කාන්තාව ජලාශයට වැටෙන බව දුටු ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු මේ බව තලවකැළේ පොලීසිය වෙත දැනුම් දුන් බව සදහන්.

ජලාශයට වැටුණු කාන්තාවගේ බවට සැක කෙරෙන අත්බෑගයක් ද පොලීසිය විසින් සොයා ගත් අතර ඒ තුළ තිබී ඖෂධ වර්ගයක් ද හමුව තිබෙනවා.

අදාළ කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ.

Update : friday, february 2016 - 16.02
-----------------------------------------------------------------------------
ඉහළ කොත්මලේ ජලාශයේ වැටි අතුරුදහන් වු කාන්තාවක් සොයා පොලිසිය හා ප්‍රදේශවාසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඉහළ කොත්මලේ ජලාශයේ දෙවිසිරිපුර ප්‍රදේශයෙනුයි මෙම කාන්තාව ජලාශයට වැටි ඇත්තේ.

අද පෙරවරු 11 ට පමණ කාන්තාවක් ජලාශයට වැටෙනු දුටු ප්‍රදේශවාසින් තලවාකැලේ පොලිසියට කල දැනුම්  දීමකට අනුවයි විමර්ශන ආරම්භ වී ඇත්තේ.

එම කාන්තාවගේ බවට සැකකෙරෙන බෑගයක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

කාන්තාව මෙතෙක් හදුනාගෙන නොමැති අතර ඇය ජලාශයට වැටුනාද නැතහොත් පැන්නා ද යන්න පිළිබඳ  තලවාකැලේ පොලිසිය පරික්ෂණ පවත්වනවා.



 


ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories