තායිවානයේ ප්‍රබල භූ කම්පනයක්

Saturday, 06 February 2016 - 8:00

%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දකුණුදිග තායිවානයේ ටයිනෑන් නගරය කේන්ද්‍ර කොටගෙන අද (06) අලූයම් කාලයේ ප්‍රබල භූ කම්පනයක් සිදුවී තිබෙනවා.

එය රික්ටර් පරිමාණයේ 6.4ක ප්‍රබලතාවකින් යුත් භූ කම්පනයක් ලෙසයි ඇමරිකානු භූ විද්‍යා ආයතනය සඳහන් කළේ.

පොළොව මතුපිටට ආසන්නයෙන් මෙම භූ කම්පනය සිදුවීම නිසා ගොඩනැගිලිවලට විශාල හානියක් සිදුව ඇති බව වාර්තා වනවා.

මිලියන දෙකක් ජනයා වාසය කරන ටයිනෑන් නුවර මහල් 17කින් යුත් නිවාස සංකීර්ණ ගොඩනැගිල්ලක් ද කඩා වැටුණු ගොඩනැගිලිවලට ඇතුළත්.

නිවාස සංකීර්ණ ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටි 221 දෙනෙකු මේ වන විට බේරාගෙන ඇති අතර, ජීවිත හානි 3ක් වාර්තා වනවා.

තුවාල ලැබූ 150කට වැඩි පිරිසක් රෝහල්ගත කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

මිලියන 2කට ආසන්න ජනගහනයක් වෙසෙන ටයිනෑන්, තායිවානයේ පැරණිතම නගරය වන අතර, එහි නිවාස සහ ව්‍යාපාරික ස්ථාන එක්ලක්ෂ 20,000කට වැඩි සංඛ්‍යාවකට විදුලිබලය ඇන හිට ඇති බව සදහන්.

ගොඩනැගිලි 7කට වැඩි සංඛ්‍යාවක් භූ කම්පනයෙන් කඩා වැටී ඇති අතර ජීවිතාරක්ෂක මෙහෙයුමට 1500කට වැඩි පිරිසක් එක්ව සිටිනවා.

මහද්වීපික තටක දෙකක් යාවන සීමාවේ පිහිටි තායිවානයේ මෙවැනි භූ කම්පන නිරන්තරයෙන් වාර්තා වනවා.

1999 වසරේ සිදුවූ එවැනි රික්ටර් පරිමාණයේ 7.6ක භූ කම්පනයකින් පුද්ගලයන් 2300කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories