ත්‍රස්තවාදීන්ගේ ට්විටර් ගිණුම් එක්ලක්ෂ 25,000ක් වසා දැමේ

Saturday, 06 February 2016 - 10:36

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A7%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+25%2C000%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%9A
ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සහ ප්‍රවර්ධනය කරන ට්විටර් සමාජජාල වෙබ් අඩවි ගිණුම් එක්ලක්ෂ 25,000ක් පමණ පසුගිය වසරේ මැද භාගයේ සිට මේ වන විට වසා දමා තිබෙනවා.

විශේෂයෙන් අයි.එස්.අයි.එස් සංවිධානයට සම්බන්ධ ගිණුම් මෙලෙස අත්හිටුවීමට කටයුතු කළ බවයි ට්විටර් පරිපාලකයන් සඳහන් කළේ.

ත්‍රස්තවාදී කටයුතු සඳහා සිය වෙබ් අඩවිය භාවිත කිරීම ද ට්විටර් හෙළා දැක තිබෙනවා.

පුද්ගලයන් සහ කණ්ඩායම් අතර කෙටි සහ ක්ෂණික තොරතුරු හුවමාරු සඳහා යොදා ගැනෙන ට්විටර් වෙබ් අඩවිය භාවිත කරන ලෝකවාසීන්ගේ සංඛ්‍යාව මේ වන විට මිලියන 500කට අධිකයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories