මානව හිමිකම් කොමසාරිස්ට විරෝධතා (ඡායාරූප)

Saturday, 06 February 2016 - 16:48

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ මෙරට සංචාරයට විරෝධය පළ කරමින් ජාතික නිදහස් පෙරමුණ අද (06) විරෝධතා පා ගමනක් සංවිධාන කර තිබුණා.

ඒ, කොළඹ ලිප්ටන් වටරවුම ඉදිරිපිටදී පැවැති විරෝධතාවයකින් අනතුරුවයි.  

පසුව ඔවුන් පුරහල පසුකරමින් විරෝධතා පා ගමනකින් තුම්මුල්ල මංසන්ධියේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත ගමන් කළා.

එම ස්ථානයට පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ද එක්වුණා.

පා ගමන හේතුවෙන් තුම්මුල්ල ප්‍රදේශය අවට මාර්ගවල වාහන ගමනාගමනයට බාධා එල්ල වූ බවයි අප වාර්තාකරු සදහන් කළේ.

කොළඹ ලිප්ටන් වටරවුමේ පැවැති විරෝධතාවට ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් එක්ව සිටියා.

විරෝධතා පා ගමන කොළඹ නගර සභාව ඉදිරිපිටින් ගමන් කල අයුරු.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories