ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදලෙන් තවත් ණයක් ඉල්ලයි

Sunday, 07 February 2016 - 7:45

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව නව මූල්‍ය ප්‍රතිපාදනයක් ඉල්ලූම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ සනාථ කළා.

ණය වැඩසටහන පිළිබඳව ශ්‍රී ලංකාවේ ඉල්ලීම සම්බන්ධයෙන් ඇමරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි මූල්‍ය අරමුදලේ මූලස්ථානය මගින් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

කෙසේ නමුත් ඉල්ලූම් කර ඇති නව ණය මුදලේ ප්‍රමාණය එමඟින් හෙළිදරව් කර නැහැ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ඉල්ලීම ඉටුකරන්නේද යන්න පිළිබඳවද මූල්‍ය අරමුදල මෙතෙක් ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවා සඳහන් කළේ.

යුද්ධය නිමාවෙන් පසු ශ්‍රී ලංකාව පසුගිය වසර දෙක තුළ කැපී පෙනෙන ආර්ථික වර්ධනයක් අත්කරගැනීමට සමත්වුණා.

කෙසේ නමුත් දේශීය මෙන්ම ගෝලීය ආර්ථික පරිසරයේ වෙනස්කම් හේතුවෙන් එම වර්ධනයේ මන්දගාමී වීමක් දැන් දක්නට ලැබෙනවා.

මෙරට විදේශීය සංචිතය පසුගිය දෙසැම්බර් 31 වනදා වනවිට ඩොලර් බිලියන 7 යි දශම 3 ක් ලෙස පැවතුණා.

එම සංචිතය පීඩනයකට ලක්වන්නේ පසුගිය විදේශ ණය සඳහා 2016 වසර තුළ ඩොලර් බිලියන 5 ක් ගෙවීමට සිදුවීම හේතුවෙන්.

මේ අතර ගෙවුම් ශේෂ පත්‍රය වැඩි දියුණු කිරීම සඳහා මූල්‍ය පරතරය අවම කිරීමටත්, බදු ආදායම් ඉහළ නැංවීමටත් කටයුතු කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කළා.

ඒ, මීට සිව් වසරකට පෙර නිකුත් කළ ඩොලර් බිලියන 2.6ක ණය අරමුදල පිළිබඳ පසු විපරමක් කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් විසින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories