සිව් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු අද සිය සංචාරයේ දෙවන දිනය ආරම්භ කරමින් උතුර සහ නැගෙනහිර පළාතේ සංචාරය කිරීමට නියමිතයි.
එහිදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් සහ ආණ්ඩුකාරවරයා මුණගැසෙන මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු දහවල් නැගෙනහිර ප්‍රධාන අමාත්‍යවරයා සහ ආණ්ඩුකාරවරයා මුණගැසීමට නියමිතයි.
එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුණගැසීමට නියමිතව ඇත්තේද අද දිනයේයී.
මේ අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ මෙරට සංචාරයට විරෝධය පළ කරමින් ජාතික නිදහස් පෙරමුණ ඊයේ විරෝධතා පා ගමනක් සංවිධාන කර තිබුණා.
ඒ, කොළඹ ලිප්ටන් වටරවුම ඉදිරිපිටදීයි.
අනතුරුව ඔවුන් පුරහල පසුකරමින් විරෝධතා පා ගමනකින් තුම්මුල්ල මංසන්ධියේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත ගමන් කළා.

Follow US
Most Viewed Stories