සුමිත් ලාල් මෙන්ඩිස් බස්නාහිර සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

Monday, 08 February 2016 - 15:10

%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බස්නාහිර පළාත් සභාවේ නව සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, ළමා රක්ෂණ සහ කාන්තා කටයුතු අමාත්‍යවරයා ලෙස සුමිත් ලාල් මෙන්ඩිස් අද දහවල් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ජනාධිපති කාර්යාලයේ මෙම දිවුරුම්දීම පැවති අතර, සුමිත් ලාල් මෙන්ඩිස් මීට පෙර කටයුතු කළේ බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙසයි.

වසර 17 ක කාලයක් කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස මොහු පළාත් සභාවේ කටයුතු කරනවා.

මීට පෙර ජාතික හෙළ උරුමයේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර, ඔහුගේ වැය ශීර්ෂය පරාජයට පත්වීම නිසා අමාත්‍ය ධුරය තමන් වෙත පවරා ගැනීමටයි බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය පියවර ගත්තේ.

සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් පසු හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දැක්වූ සුමිත් ලාල් මෙන්ඩිස් සඳහන් කළේ බස්නාහිර පළාතේ ඩෙංගු උවදුර මර්දනය කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කිරීම තම අභිප්‍රාය බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories