ෆොන්සේකා යළි පාර්ලිමේන්තු මන්ත්‍රී වෙයි - ෆීල්ඩ් මාර්ෂල් අහිමි වෙයි?

Tuesday, 09 February 2016 - 8:10

%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%86%E0%B7%93%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A++%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92%3F
අද දිනයේදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ්  මාර්ෂල් සරත් ෆොන්සේකා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි. සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලමේ බව බව පැවසුවේ  ඊයේ (08) පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුවයි.

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් නිලයට උසස් කෙරුනේ වසරේදී. හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් තනතුරට උසස් කිරීමේ නිල උත්සවය  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ශ්‍රී ලංකා යුද හමුදාවේ ෆීල්ඩ් මාර්ෂල් නිලයට පත් වූ පළමු නිලධාරියා ලෙස ඉතිහාසයට එක්වෙයි.

ෆීල්ඩ් මාර්ෂල් තනතුර ත්‍රිවිධ හමුදාවේ උසස්ම නිලය වන අතර එම තනතුරට කැබිනට් අමාත්‍යවරයකුට හිමි සමාන බලතල හිමි වේ.

කෙසේ වෙතත් - 'ෆීල්ඩ්  මාර්ෂල්' සරත් ෆොන්සේකාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට නොහැකි බවටද  ඇතැම් පිරිස් තර්ක ගෙන එයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 (01)(10) Article 91 (1)(xi) අනුව ෆොන්සේකාට තනතුරක් දැරිමට නොහැකි බවයි එම පාර්ශවයන් පෙන්වා දෙන්නේ. 







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories