අතුරුදන් වූ මයෝමි සංජීවනී ගැන ඉන්දික තොටවත්ත කළ පළමු අනාවරණය - Part I (Exclusive)

Tuesday, 09 February 2016 - 10:58

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B6%BA%E0%B7%9D%E0%B6%B8%E0%B7%92+%E0%B7%83%E0%B6%82%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%B1%E0%B7%93+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+-++Part+I+%28Exclusive%29
තම දරුවාගේ මියයාම අදහාගත නොහැකිව එදා කිසා ගෝතමිය මළ සිරුරක් කර පින්නා ගම්දනව් පීරූ අයුරු ඔබ අසා ඇති.

එවන් මවකට සමාන අපේ කාලයේ අම්මා කෙනෙක් ගැන හිරු ගොසිප් අපි  ඹබට සිහිපත් කලේ මීට සතියකට පමණ පෙරයි.

හක්මන දෙනගම පදිංචි ඒ මව සිය  දියණියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් හිරු ගොසිප් අපට මීට සතියකට පෙර සිහිපත් කලේ  ඇය සොයාදීමට අපට සහයක් විය හැකි යැයි විශ්වාසයෙන්.

පසුගියදා ඒ අම්මා අපෙන් ඉල්ලා සිටියේ  ජ්‍යෝතීර්වේදී ඉන්දික තොටවත්ත මුණගැසීමට හිරු නාළිකාව හරහා අවස්ථාවක් ලබා දෙන ලෙසයි.

එය අද ඉටු කිරීමට හිරු ගොසිප් අපේ කණ්ඩායමට හැකිවුණා.

අකුරැස්‌ස විල්පිට නිල්වලා ගුරු අභ්‍යාස විද්‍යා පීඨයේ ඉගෙනුම ලැබු මයෝමි සංජීවනී අතුරුදන් වුනේ 2013 වසරේ සැප්තැම්බර් 20 වනදා.

ඇය ගැන තොරතුරක් මේ දක්වා වාර්තා වී නැහැ.

හක්මන දෙනගම නිවසේ  සිට 20 වෙනිදා මයෝම් හක්මන නගරයට ගොස් තිබුණා.

 එදා සිට අද දක්වා තමන්ගේ දුවව සොයන මව හිරු අපිට ඒ ගැන කීවේ මෙන්න මේ විදියටයි.


"මයෝමි බඳින්න ගෙවල් වලිනුත් කැමතිවෙලා හිටිය තරුණයෙක් හිටියා. හැබැයි ඒ අතරේ මයෝමිගේ පස්සෙන් තව කෙනෙක් ආවා කියලා තමයි දුව මට කීවේ. දුව නැතිවුණු දවසේ එයා හක්මණ ටවුන් එකට ගියා සාරි ජැකට් එකක් ගේන්න. ඒ ගිහින් එනකම් මම බලන් හිටියා. එන බස් දිහා මම බලන් හිටියා මිදුලේ ඉඳන්. ඒත් ආවේ නැති තැන දුවගේ පස්සෙන් ආව තරුණයාගෙන් මට කෝල් ගොඩක් ඇවිත්. පොඩි පුතා කීවා අම්මේ අක්කගේ පස්සෙන් එන් කොල්ලා කතා කළා කියලා. මම එයාට කෝල් කලා. ඒ තරුණයා කීවා අම්මේ මයෝමි 7 බස් එකට නැංගුවා ගෙදර ආවද කියලා? මම අන්දමන්ද වෙලා ගියාල එතකොට වෙලාව 7යි 30යි. මම කෝල් කරලා දුවගේ පස්සෙන් ආව කොල්ලට බැන්නා මගේ දරුවා ආවේ නෑල ඔයා බොරු කියන්නේ මගේ දරුවට මොකක්ද කලේ කියලා. ඒ හැම වෙලාවෙම කොල්ලා කීවේ මයෝමිව බස් එකට නැංගුවා කියලා.

එහෙනම් අපේ ගෙදරට ඉන්න කීවම මෙයා ආවා. මම ගොඩාක් වෙලා අඬලා කීවා මගේ දරුවා හොයලා දෙන්න කියලා. දුව බඳින්න හිටිය දරුවාට මම කෝල් කලා ගොඩ පාරක්.එයා කීවා මම කිසිදෙයක් දන්නේ නෑ අම්මේ ඉන්න මම එනවා කියලා. මම මේ යාලුවොන්ගේ ගෙවල් වල හොයනවා කියලා.  කොච්චර කතා කළත් එයා එනවා එනවා කීවට ගෙදරට ආවේ 10 යි 30 පහුවෙලා."

මේ විදියට කතාව යනකොට දුව නැතිවෙලා දවස් 20කට පස්සේ පොලිසියෙන් ප්‍රශ්න කළාම දුව බඳින්න හිටිය කොල්ලා කීවා මයෝමිව ගෙනිච්චා එයා කියලා. දුවගේ පස්සේ ආව කොල්ලා එයාව බස් එකට නැංගුවාට පස්සේ එයා මගදි දුවව බස් එකෙන් බස්සගෙන අරන් ගියා කියලා එතන්දි කීවා. මාතර එක්ක ගිහින් මගේ දුව මුහුදට පැන්නා කියලා,ඊට පස්සේ දවසක ආයේ කීවා මයෝමිව ගෙනැල්ලා මට බාර දුන්නා කියලා.

ඒ වචනේ කීව ගමන් පොලිසියෙන් ඇවිත් මාව රිමාන්ඩ් කළා. මම කෑ ගහලා කීවා මට මගේ දරුවාව ගෙනැත් දුන්නේ නෑ කියලාග මම මාස 3ක් බන්ධනාගාර ගතවෙලා හිටියා කිසිම වග විභාගයක් නැතුවල මට ඇප දුන්නේ නෑ කවුරුත්ග කවුරු මොනවා කීවත්.

පස්සේ  CID එකේ මහත්වරු මේකට ආවට පස්සේ තමයි ඇපදීලා මාව එළියට ගත්තේ. දුව බඳින්න හිටිය කොල්ලා කීව කතාවත් එක්ක තාමත් උසාවියේ නඩුව යන්නේ මට දරුවා ගෙනැත් දුන්නා කියලා. ඒත් මගේ හදවත දන්නවා මට දරුවා ගෙනැත් දුන්නේ නෑ කියලා.

මම ජනාධිපතිතුමාගෙන් අගැමැතිතුමාගෙන් ඉල්ලන්නේ මේකට සාධාරණයක් ඉෂ්ටකරලා දෙන්න.

දවසක් නිලධාරියෙක් මට කීවා ඔයා දුක්වෙන්න එපා ඔයාගේ දුව ජීවතුන් අතර නෑ කියලා, මං ඇහුවා සර්ලා මේ දන්නේ කොහොමද කියලා, පස්සේ එයාලා කීවා අපි දන්නවා, අපි හොයාගත්තා, ඔයාලා මේක CID එකට දුන්නු නිසා තමයි අපි එතනින් නතර වුණේ. දරුවාගේ ජීවිතේ එදාම අදාළ පුද්ගලයෙකු අතින් නැතිවුණා. එයාව ගෙනිහින් ආදාහනාගාරයකට දාලා අළු කළා කියලා‘‘

මගේ දරුවාට එහෙම දෙයක් කළා නම් ඇයි දැනගෙනත් මේවා වසන් කරන්නේ ? ඇයි මාව රිමාන්ඩ් කළේ ? ඇයි මට අසාධාරණයක් කරන්නේ ? මගේ දරුවා ජීවතුන් අතර ඉන්නවද නැද්ද ? මොකක්ද සිද්ධ වුණේ කියලා මට හොයලා දෙන්න.

වසර 2ක් තිස්සේ සැඟවුණු තමන්ගේ දියණියගේ අභිරහස් අතුරුදන් වීම සම්බන්ධයෙන් තවමත් සොයන මව එසේ කියද්දී හිරු ඇමතූ ඇය වැඩිදුරටත් කියා සිටියේ මෙවන් අසාධාරණයක් කිසිවෙකුට මින් ඉදිරියට වෙන්නට ඉඩ නොතබන ලෙසයි.

දරුවන්ට සිදුවන අසාධාරණකම් සොයා බලන ලෙස මයෝමිගේ අම්මා  රජයෙන්  ඉල්ලා සිටින්නේ තමන්ගේ දියණියට සිදුව ඇති දේ ගැන නැවත විධිමත්ව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසටයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් හිරු අප ඇයගේ මව ඉන්දික තොටවත්ත මහතා වෙත ඉදිරිපත් කර සිටි අවස්ථාවේ ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු සොයා ඉදිරියේදී නිශ්චිත උත්තරයක් ලබාදීමට ඔහුට හැකි බවයි.

මයෝමිගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ජ්‍යෝතීර්වේදී ඉන්දික තොටවත්ත මහතා දැක්වූ අදහස් ඇතුලත් වීඩියෝව පහතින්.






ප්‍රවීන ජ්‍යෝතීර්වේදි ඉන්දික තොටවත්ත මහතා සජීවීව ඔබ හමුවන විශේෂ ජ්‍යෝතිෂ්‍යමය වැඩසටහන සෑම අඟහරුවාදාවකම උදෑසන 8ග30ට හිරු ටීවීි‘වින්දනීය උදෑසන‘‘ වැඩසටහනින් ඔබට නැරඹීමේ හැකියාව ඇත.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories