පාසල් සිසුන් හය දෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කළ බව පැවසෙන පුද්ගලයෙකු ගාල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගනියි. සැකකරු ගාල්ල කෝවිලගොඩැල්ල ප්‍රදේශයේ නැටුම් පංතියක් පවත්වාගෙන යන අයෙකු බව සඳහන්.
මෙම පුද්ගලයා රෝහලක සාත්තු සේවකයෙක් ද වෙයි.
නැටුම් පංතියට පැමිණි පාසල් සිසුන් හය දෙනෙකුට යම් දියර වර්ගයක් පානය කිරීමට ලබා දී ඇති බවට අනාවරණ වී තිබේ. එහිදී සිසුන් සාමාන්‍ය සිහියෙන් ගිලිහී ඇති බවද පැවසෙයි.
සිහිවිකල් සිසුන් බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කොට ඇති බවට පැමිණිළි ලැබී ඇත. අපයෝජනය ජංගම දුරකථනයකින් විඩියෝ කොට ඇති බව පරික්ෂණ වලදි අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.
සිසුන් අවුරුදු පහළොව - දහසය වයසේ පසුවෙයි.
සැකකරුගේ නැටුම් පංතියට දැරියන්ද පැමිණ තිබේ. නැටුම් පංතිය නිමවීමෙන් පසු ගැහැණු ළමුන් පිටත් කොට යවා ඇත. පිරිමි දරුවන් පංතියේ රඳවාගෙන තිබේ.
මෙම දරුවන්ගේ වෙස් මංගල්‍යයට දින ළඟාවී තිබූ බව ප්‍රදේශවාසීන් පවසයි.
සැකකරු විසින් දරුවන් අපයෝජනයට ලක් කිරිමෙන් පසු අනෙක් දරුවන් සමග ඒ අයුරින් හැසිරෙන ලෙස දැනුම් දි මොහු එවා ජංගම දුරකථනයෙන් විඩියෝ කොට ඇත. මෙම පුද්ගලයා තිස් හැවිරිදි වියේ පසුවන අයෙක්.
දින කිහිපයකට පසු සැකකරු, රෝගි වී සිටින සිසුවෙකු බැලිමට ගොස් ඇති අතර ඔහුට සැකකරුගේ දුරකථනය ලබා දි ඇත. සිසුවාගේ සහෝදරයෙක් මෙම ජංගම දුරකථනය පරික්ෂා කිරිමේ දි අසභ්‍ය දර්ශන දැක තිබේ.
පසුව මේ පිළිබද පොලිසියට දැනුම් දී ඇත. ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Follow US
Most Viewed Stories