වැල්ලම්පිටියේ වෙඩි තැබීමකින් 3 දෙනෙකු මරුට

Wednesday, 10 February 2016 - 7:29

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+3+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
වැල්ලම්පිටිය - ගෙවල් 20 ප්‍රදේශයේදී පුද්ගලයන් තුන්දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ 11යි 55ට පමණ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ අවුරුදු 19ක් 24ක් සහ 49ක් වන එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයින් තුන්දෙනෙක්.

වැල්ලම්පිටිය පොලීසිය සදහන් කළේ මිය ගිය තුන්දෙනා ඥාතීන් වන බවයි.

එමෙන්ම මොවුන් ගෙවල් 20 ප්‍රදේශයේ නිවසක රැදී සිටියදී වාහනයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් තිබෙනවා.

අසාධ්‍ය තත්ත්වයේ පසුවූ මොවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. මිය ගිය පුද්ගලයන්ගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.

මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ කුමන හේතුවක් නිසා ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories