ආදිවාසීන් විශේෂඥ වෛද්‍ය සායනයක් ඉල්ලයි

Thursday, 11 February 2016 - 7:33

%E0%B6%86%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B6%A5+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ආදිවාසී ජනතාව වකුගඩු, පිළිකා ඇතුලූ විවිධ ලෙඩරෝගවලට විශාල වශයෙන් ලක්වී ඇති බැවින් විශේෂඥ වෛද්‍ය සායනයක් පවත්වා ප්‍රතිකාර ලබාදෙන ලෙස ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

ආදිවාසී නායකයා ලිපියක් මගින් මෙම ඉල්ලීම කර ඇති අතර, ඒ අනුව ඉදිිරියේදී විශේෂඥ වෛද්‍ය සායනයක් ලබාදීමට  සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බවයි වාර්තාවන්නේ.

ඌරුවරිගේ වන්නිලඇත්තන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ ලෙඩ රෝගවලින් ආරක්ෂාවීම සඳහා පාරම්පරික ජීවන රටාව අනුව ජීවත්වීමට වනයේ නිදහස් අයිිතිය ආදිවාසීන්ට ලබාදිය යුතු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories