කටුනායකට පැමිණි යානා 3 ක් මත්තලට හරවා යවයි (ඡායාරූප)

Thursday, 11 February 2016 - 7:43

%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+3+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%A7+%E0%B7%84%E0%B6%BB%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B7%80%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි ගුවන්යානා 3 ක් මත්තල ගුවන්තොටුපලට හරවා යවා තිබෙනවා.

ඒ කටුනායක ප්‍රදේශයේ පැවති මීදුම් තත්වයක් හේතුවෙන්.

අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කලේ ඩුබායි / චීනයේ බෙයිජිං සහ දෝහා රාජ්‍යයේ සිට පැමිණි ගුවන්යානා මෙලෙස මත්තලට හරවා යැවුනු බවයි.

ඩුබායි සිට පැමිණි ගුවන්යානය කටුනායකට ගොඩබැස්වීමට තිබුනේ අලුයම 5.20 ටයි.

එහෙත් මීදුම් තත්වය හේතුවෙන් මත්තලට හරවා යැවුනු එය පෙරවරු 6.12 ට ගොඩබස්වා තිබෙනවා.

දෝහා සිට පැමිණි යානය අලුයම 5.40 ට කටුනායක ගොඩබැස්වීමට නියමිතව තිබුන ද පෙරවරු 6.12 ට එය මත්තල ගොඩබස්වා තිබෙනවා.

දෝහා සිට පැමිණි ගුවන්යානය මත්තල ගුවන්තොටුපලට ගොඩබස්වනු ලැබුවේ පෙරවරු 6.20 ටයි.

මේවන විට මීදුම් තත්වය ක්‍රමයෙන් පහවෙමින් පවතින අතර ඉදිරි පැය කිහිපය තුල මත්තලට ගොඩබස්වනු ලැබු ගුවන්යානා යළිත් කටුනායකට පැමිණීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories