FCIDය ගැන අගමැති සමඟ සාකච්ඡාවක්

Thursday, 11 February 2016 - 9:28

FCID%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අග්‍රාමාත්‍යවරයා හමුවී ඊයේ සාකච්ඡා කර තිබෙනවා.

අරලියගහ මන්දිරයේ පැවති මෙම සාකච්ඡාව සඳහා  නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ පොලිස්පතිවරයා මෙන්ම මූල්‍ය අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාද සහභාගිවී ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවේ අමාත්‍යධුර හොබවන නිමල් සිරිපාල ද සිල්වා, ඩිලාන් පෙරේරා, ලසන්ත අලගියවන්න, සුසිල් ප්‍රේමජයන්තද මීට එක්වුණා.

මෙහිදී මූල්‍ය අපරාධ කොට්ඨාශය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති ඇතැම් අදහස් සහ විවේචන පිළිබඳවත් නව යෝජනා පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි වාර්තාවන්නේ.

මේ අතර පසුගියදා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුලූ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු මාධ්‍ය හමුවක් කැඳවමින් මූල්‍ය අපරාධ කොට්ඨාශය පිළිබඳව විවේචනාත්මක අදහස් පළ කළා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories