ජනපතිගේ ප්‍රධානත්වයෙන් නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවක් අද

Friday, 12 February 2016 - 7:52

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණාත්මක රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙනවා.

මෙම රැස්වීම අද (12) පස්වරු 2 ට ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරමින්, පක්ෂ්‍ය විවේචනය කරන කණ්ඩායමට එරෙහිව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග මෙහිදී තීරණය කරන බවයි නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක ප්‍රකාශ කළේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පක්ෂය විවේචනය කරමින් කටයුතු කරන පාර්ලිමේන්තු පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් කිහිපදෙනෙකු හඳුනාගෙන ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories