අයින්ස්ටයින්ගේ අනාවැකියක් සිය වසරකට පසු තහවුරු වෙයි

Friday, 12 February 2016 - 8:13

%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%AD%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මීට වසර 100 කට පමණ පෙර සාපේක්ෂතාවාදය ඉදිරිපත් කරමින් මහාවිද්‍යාඥ ඇල්බට්  අයින්ස්ටයින් අනාවැකි පළ කළ අභ්‍යවකාශයේ ගුරුත්වාකර්ශන රැළි විද්‍යාඥයන් විසින් ප්‍රථම වරට නිරීක්ෂණය කර තිබෙනවා. පෘථිවියට ආලෝක වර්ෂ බිලියනයක් පමණ ඈතින් බ්ලැක්හෝල් හෙවත් අභ්‍යවකාශයේ අඳුරු කුහර දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම ගුරුත්ව රැළි නිකුත් වූ බවයි පර්යේෂණය සිදුකළ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

ගුරුත්වාකර්ශන රැළි විද්‍යාඥයන් පිළිගනු ලැබූව ද එය සත්‍ය වශයෙන් දැක ගැනීමට හැකිව ඇත්තේ ප්‍රථම වතාවටයි.

මෙමගින් පෘථිවියේ බිහිවීම ඇතුළු විශ්වයේ රහස් රැසක් අනාවරණ කර ගැනීමට මංපෙත් හෙළි වී ඇති බව විද්‍යාඥයන්ගේ අදහසයි. එමෙන්ම එය තාරකා විද්‍යාවේ නව පිටුවක් පෙරළනු ඇති බව විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

විශේෂයෙන් සූර්යග්‍රහ මණ්ඩලය නිර්මාණය වීමට හේතුවූ බව සැලකෙන බිග්-බෑන්ග් හෙවත් මහා පිපිරුම මෙම ගුරුත්වාකර්ශන රැළි මගින් තහවුරු වන බවයි ඔවුන් පවසන්නේ.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories