අම්බලන්ගොඩ ඝාතන සිද්ධියක සැකකරුවෙකු අත්අඩංගුවට

Friday, 12 February 2016 - 11:07

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පුද්ගල ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අම්බලන්ගොඩ පොලිසිය විසින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 පොලිසිය සදහන් කළේ පසුගිය ජනවාරි 10 වනදා අම්බලන්ගොඩ - මාදම්පේ ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට මොහු අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු ළග තිබී විදේශීය රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි වසන්ත ද සොයිසා නොහොත් වසා නමැති පුද්ගලයෙකු බවයි පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ.

ඔහු අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories