නිදහස් පක්ෂ මූලස්ථානයට ජනපතිගෙන් විශේෂ නියෝජිතයෙක්

Friday, 12 February 2016 - 13:10

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් රජික කොඩිතුවක්කු ජනාධිපතිවරයා විසින් නිදහස් පක්ෂ මූලස්ථානයේ විශේෂ නියෝජිතයෙකු ලෙස පත් කර තිබෙනවා. පක්ෂයේ ලිපිලේඛන සහ වැදගත් තොරතුරු වෙනත් පාර්ශවයන් වෙත යාම වැළැක්වීම සඳහා මෙම පත් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

 මේ අතර, අද (12)  පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී විශේෂ තීරණ රැසක් ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර ප්‍රකාශ කළා.

මෙම රැස්වීම අද පස්වරු 2 ට ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර කියා සිටියේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා  කිරීමට නියමිත බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories