භික්ෂු කථිකාවත් පනත හදිසියේ සම්මත නොකල යුතු බවට තීරණයක්

Saturday, 13 February 2016 - 7:28

%E0%B6%B7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%94+%E0%B6%9A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B6%BD+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
යෝජිත ථේරවාදී භික්ෂු කථිකාවතට අස්ගිරි පාර්ශවය නියෝජනය කරන භික්ෂූන් වහන්සේලාගේ විරෝධය පළව තිබෙනවා.

ඒ, ඊයේ අදාළ භික්ෂු කථිකාවත පිළිබදව අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි මහනායක හිමියන්ගේ මූලිකත්වයෙන් පැවැති සාකච්ඡාවකදියි.

මෙම සාකච්ඡාව මහනුවර අස්ගිරි මහා විහාරයේ පූජ්‍ය පවර උපාලි ස්වාමීන් වහන්සේ අනුස්මරණ ශාලාවේදී ඊයේ පැවැත්වුණා.

ඊට අස්ගිරි පාර්ශවය නියෝජනය කරන භික්ෂූන් වහන්සේලා රැසක් සහ නීතිඥවරුන් ද එක්ව තිබෙනවා.

අස්ගිරි කාරක සංඝ සභික පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් මාධ්‍ය වෙත කියා සිටියේ මෙම භික්ෂු කථිකාවත මගින් ප්‍රාදේශීයව වැඩ වාසය කරන සංඝයා වහන්සේලාට විශාල ගැටළු මතුවන බවයි.

කෙසේ වෙතත්, ථේරවාදී භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් හා ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම්දී තිබුණා.

කථානායකවරයා පසුගිය දා කියා සිටියේ අදාළ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇති බවයි.

ව්‍යවස්ථාවට අනුකූල නොමැති කොටස් ඉවත් කරන්නේ නම් සාමාන්‍ය බහුතර බලයකින් මෙම පනත් කෙටුම්පත සම්මත කරගැනීමට හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ වැඩිදුරටත් සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories