ජිනිවා ගැන මහජන අදහස් විමසීම යාපනයෙන් ඇරඹේ

Saturday, 13 February 2016 - 8:10

%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%93%E0%B6%B8+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
යුද්ධය අවසන් වී වසර කිහිපයක් ගතව ඇතත් මෙරට ජාතීන් අතර සමගිය සහ සංහිදියාව මෙතෙක් ගොඩනැගීමට නොහැකි වී ඇත්තේ යුද්ධයේ ජයග්‍රහණය භෞතික වශයෙන් සිදුවූ ක්‍රියාදාමයක් පමණක් නිසා බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ඊයේ යාපනයේදී ප්‍රකාශ කළා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් සම්මත කරගෙන ඇති ශ්‍රී ලංකාව පිළිබද යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් පිළිබදව මහජනතාවගෙන් සහ විවිධ සංවිධානවලින් අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා රජය පත් කළ විශේෂ කමිටුව ද ඊයේ යාපනයේ සිය සේවාවන් ආරම්භ කළා.

මනෝරි මුතුතෙට්ටුවගම ඇතුළු 11 දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව ජනතාවගෙන් සහ විවිධ සංවිධානවලින් ලබා ගන්නා අදහස් හා යෝජනා ඇතුළත් කොට සකස් කරන වාර්තාව රජය අවසන් යෝජනාව සකස් කිරීමේදී සැලකිල්ලට ගන්නා බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය වෙත භාරදීමට ශ්‍රී ලංකාව වාර්තාවක් සකස් කරන්නේ ජාත්‍යන්තරයෙන් සිදුකෙරෙන බලපෑම් නිසා නොවන බව ද අමාත්‍ය මංගල සමරවීර යාපනය දිසාපති කාර්යාලයේ ඊයේ පැවැති උත්සවයේදී අවධාරණය කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories