වන අලියෙකුගේ ඇගේ හැපී පෙරලූණු ලොරියක වෑන් රථයක් ගැටෙයි - එක් අයෙකු මරුට

Saturday, 13 February 2016 - 9:10

%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B7%90%E0%B6%B4%E0%B7%93+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%BD%E0%B7%96%E0%B6%AB%E0%B7%94+%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
වන අලියෙකුගේ ඇගේ හැපී පෙරළී ගොස් තිබූ ලොරියක වෑන් රථයක් ගැටී එහි ගමන් ගත් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද අලූයම 1.15ට පමණ පුත්තලම - අනුරාධපුර මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මිය ගොස් ඇත්තේ කොළඹ - කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වව්නියාවේ සිට කොළඹ දක්වා සහල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරිය අද අලූයම 12.40ට පමණ පෙරළී ඇත්තේ වන අලියෙකුගේ ඇඟේ ගැටීමෙන්.

පසුව අලූයම 1.15ට පමණ යාපනයේ සිට කටුනායක දක්වා ගමන් කරමින් තිබූ වෑන් රථයක් මෙම පෙරලූණු ලොරියේ ගැටී තිබෙනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories