ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කරන්නැයි යෝජනාවක්

Saturday, 13 February 2016 - 10:33

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BA%E0%B7%8F+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ජාතික ධජයෙන් සිංහයා ඉවත් කර ඊට සියලු ජනතාව අතර සහෝදරත්වය විදහා දැක්වෙන සංකේතයක් එක්කල යුතු බවට මන්නාරම දිස්ත්‍රික් කාන්තා සංවිධානයක් යෝජනා කර තිබෙනවා.

ඔවුන් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මහජන අදහස් විමසීමේ කමිටුව මන්නාරම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්වු අවස්ථාවේදීයි.

ව්‍යවස්ථා සම්පාදනය කිරීමට මහජන අදහස් විමසීමේ කමිටුව එස් විජේන්ද්‍රන් / ලාල් විජේනායක සහ එස් තවරාසා ඇතුළු  නිළධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි රැස්වී තිබුනා.

එහිදී මන්නාරම දිස්ත්‍රික් කාන්තා සංවිධාන නියෝජිතවරියන් ප්‍රකාශ කර ඇත්තේ ජාතික කොඩියේ සිංහයා සළකුණින් සිංහල ජනතාව පිළිබඳ පමණක් සදහන් වන අතර වර්තමානයේදි සියළු දෙනා එක්ව ජිවත්වන බැවින් සියළු  ජාතීන් සංකේතාත්මක වන සංකේතයක් ජාතික කොඩියට යොදාගත යුතු බවයි.

කාන්තාවන් දූෂණය කරන පිරිස සදහා දඩුවම් ලබාදීම වෙනුවෙන් වෙනම අධිකරණයක් ස්ථාපිත කළ යුතු බවට ද එම පිරිස යෝජනා කර තිබෙනවා.

කාන්තාවන්ගේ ගැටළු  විසදීම වෙනුවෙන් ස්වාධීන කමිටුවක් ස්ථාපිත කළ යුතු බවට ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මහජන අදහස් විමසීමේ කමිටුව වෙත යෝජනා ඉදිරිපත් කළ බවයි මන්නාරම දිස්ත්‍රික් කාන්තා සංවිධාන නියෝජිතවරියන් සඳහන් කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories