යක්කලමුල්ලේ අනතුරකින් එකම පවුලේ දෙදෙනෙකු මරුට

Saturday, 13 February 2016 - 10:43

%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BD%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
යක්කලමුල්ල අකුරැස්ස මාර්ගයේ වදුරම්මුල්ල ප්‍රදේශයේදී සිදුවු යතුරුපැදි අනතුරකින් එකම පවුලේ දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

අද උදෑසන 7.15 ට පමණ අනතුර සිදුව ඇත්තේ පෞද්ගලික ආයතනයකට අයත් සේවකයන් ප්‍රවාහනය කල බස් රථයක් සහ යතුරුපැදිය මුහුණට මුහුණලා ගැටීමෙනුයි.

අනතුරින් බරපතල තුවාල ලැබු දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මරණයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ගාල්ල කරාගොඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයකු සහ ඔහුගේ 29 හැවිරිදි සොහොයුරියයි.

බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories