විදෙස් විනිසුරුවන් යොදා ගන්න ශ්‍රී ලංකාවට බල කරන්නේ නැහැ

Saturday, 13 February 2016 - 12:34

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
මෙරට යුද්ධයේදී සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් සිදුකෙරෙන දේශීය පරීක්ෂණය සදහා විදේශීය විනිසුරුවන් යොදා ගැනීමට බල නොකරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු පවසනවා.

රොයිටර් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවක ට සහභාගි වෙමින් ඔහු වැඩිදුරටත් සදහන් කළේ එම පරීක්ෂණය විදේශීය විනිසුරුවන්ගේ සහභාගිත්වයෙන් හෝ ඉන් තොරව හෝ අපක්ෂපාතී ලෙස පැවැත්විය යුතු බවයි.

මෙරට යුද්ධයේදී යුද අපරාධ සිදුවීද යන්න ස්වාධීනව සහ අපක්ෂපාතීව සිදුකළ යුතු බව ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා අවධාරණය කළා.

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී සම්මත කර ගැණුනු ශ්‍රී ලංකාව පිළිබද යෝජනාව ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් තම ශ්‍රී ලංකා සංචාරයේදී ඇගයීමක් කළ බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

එහිදී මෙතෙක් රජය ගෙන ඇති පියවර ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ පැසසුමට ලක්වුණා.

මේ අතර, සත්‍යය, යුක්තිය සහ ගැටුම් වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රීෆ් ද සිය ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව ජිනීවාහි දී අදහස් දැක්වීමක් සිදුකර තිබෙනවා.

එහිදී ඔහු කියා සිටියේ ජිනීවා යෝජනාවේ අඩංගු කරුණු ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකාව අනවශ්‍ය වේගයකින් කටයුතු නොකළ යුතු බවයි ශ්‍රී ලංකාව එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා පරිපූර්ණ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාව මුහුණදෙන අභියෝග පිළිබදව ජගත් සංවිධානය අවබෝධයෙන් සිටින බවයි විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රීෆ් අවධාරණය කළේ.

කෙටිකාලයක් තුළ මෙවැනි යෝජනාවලියක් ක්‍රියාවට නැංවීම ලොව කොතනක හෝ සිදුව නොමැති බවත්, ඔහු සඳහන් කළා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories