පෞද්ගලික බස් ඒකාධිකාරිය පාලනය කරන්න රජය සැරසෙයි

Saturday, 13 February 2016 - 12:49

%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පෞද්ගලික බස් රථ ඒකාධිකාරිය මුළුමනින්ම පාලනය කිරීම සඳහා රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ, මගී ප්‍රවාහන ක්ෂේත්‍රය නගා සිටුවීම සඳහා මුදල් අමාත්‍යාංශයේදී ඊයේ (12) පැවැති සාකච්ඡාවකදියි.

විශේෂයෙන් යාපනය, මහරගම සහ නාරාහේන්පිට යන ප්‍රදේශවල පෞද්ගලික බස් රථ ඒකාධිකාරයක් පවතින බවට පැමිණිලි ලැබී ඇති බවයි එම සාකච්ඡාවේදී ප්‍රවාහන බලධාරීන් පෙන්වා දී ඇත්තේ.

මේ අතර, අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය විධිමත් කිරීම සදහා ඉදිරියේ දි බලපත්‍ර ලබාදීම ටෙන්ඩර් කැදවිම හරහා සිදුකිරීමට බලපොරොත්තුවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා කියාසිටියේ පසුගිය රජය සමයේ දේශපාලන හිතවත්කම් මත බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් පවතින ගැටලූ උද්ගත වී ඇති බවයි.

ශ්‍රී ලංගම බස්රථ හා පෞද්ගලික බස්රථ ඒකාබද්ධ කාල සටහනකට අනුව ධාවනය කරවීම සදහා නිවැරදි සැලැස්මක් සකස් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වුණා.

ඉලෙක්ටො‍්‍රනික ගෙවීම් පත තවදුරටත් ව්‍යාප්ත කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories