ගෝව, මොනරා හානිකර පරිපෝෂිතයෙකු ලෙස නම් කිරීමට සැරසේ

Saturday, 13 February 2016 - 13:23

%E0%B6%9C%E0%B7%9D%E0%B7%80%2C+%E0%B6%B8%E0%B7%9C%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
ඉන්දියාවේ - ජාතික පක්ෂියා වන මොනරා හානිකර පරපෝෂිතයෙකු ලෙස නම් කිරීමට ගෝව ප්‍රාන්තයේ කෘෂිකර්ම අමාත්‍යවරයා යෝජනා කර තිබෙනවා.

මොනරුන් ප්‍රාන්තයේ භවබෝගවලට හානි කිරීමේ සිද්ධින් රැසක් වාර්තාවීම ඊට හේතුවයි.

වඳුරන්, වල් ඌරන් සහ බයිසන් ගවයන් එලෙස කෘෂිකර්මාන්තයට හානි කර සතුන් ලෙස නම් කර ඇති අතර, මොනරුන් ද ඊට එක් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ගෝව ප්‍රාන්තයේ වනාන්තර ගහනය සීමාවීමත් සමග වනසතුන් මිනිස් වාසයන් වෙත පැමිණීම දක්නට ලැබෙනවා.

කෙසේ නමුත්, මොනරා පරපෝෂිතයෙකු ලෙස විනාශ කිරීමට දරන උත්සාහය පරිසර සංවිධානවල විවේචනයට ලක්වුණා.

1972 වසරේ ඉන්දීය වනජිවි ආරක්ෂණ පනත අනුව මොනරා සුරක්ෂිත කළ යුතු පක්ෂියෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories