හංවැල්ලේ සහ නෙල්ලිඅඩි රිය අනතුරුවලින් දෙදෙනෙකු මරුට

Saturday, 13 February 2016 - 14:21

%E0%B7%84%E0%B6%82%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%85%E0%B6%A9%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
හංවැල්ල සහ නෙල්ලිඅඩි ප්‍රදේශවල සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ පස්වරුවේ අවිස්සාවේල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ ඇඹුල්ගම ප්‍රදේශයේදී කොළඹ සිට හංවැල්ල දෙසට ගමන් කළ පුද්ගලික බස් රථයකට නැගීමට ගිය මගියෙකු ඉන් බිමට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 48 හැවිරිදි දික්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. නෙල්ලඅඩි - චාවකච්චේරි මාර්ගයේ යතුරුපැදි දෙකක එකිනෙකට ගැටී සිදුවූ අනතුරකින්ද යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

25 හැවිරිදි මොහු අනතුරට ලක්වුයේ මුල්ලියදෙස සිට මන්නාරම දෙසට ගමන් කරමින් සිටියදී නෙල්ලිඅඩි සිට චාවකච්චේරි දෙසට ධාවනය වූ යතුරුපැදියක ගැටීමෙන්.

මෙම අනතුරුවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories