එමිල් කාන්තන්ගේ වරෙන්තුව ඉවත් කරගැනීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Sunday, 14 February 2016 - 12:53

%E0%B6%91%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මුල් පෙළේ නායකයෙකු වූ එමිල් කාන්තන් හෙවත් ඇන්ටන් චමිල් ලක්‍ෂ්මී කන්නන්ට එරෙහිව පනවා තබූ වරෙන්තු මුළුමනින්ම ඉවත් කරගැනීම කොළඹ කොටුව මහේ්ස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කොළඹ මහාධිකරණය මගින් මේ මස මුලදී එමිල් කාන්තන්ට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය හරහා නිකුත් කර තිබූ රතු නිවේදනය සහ වරෙන්තු ඉවත් කරනු ලැබුවා.

ඒ එමිල් කාන්තන් අධිකරණයට භාරවී අදාළ නඩු විභාගයට පෙනී සිටීම බව ඔහුගේ නීතීඥයන් දන්වා සිටීමෙන් අනතුරුවයි.

කෙසේ නමුත් ඔහුට එරෙහිව පනවා තිබූ සංචාර තහනම මෙතෙක් ඉවත් කර නොමැති බවයි එමිල් කාන්තන්ගේ නීතීඥයන් කොළඹ - කොටුව මහාධිකරණයට පසුගිය සිකුරාදා දන්වා සිටියේ.

එමිල් කාන්තන් නැවත දිවයිනට පැමිණෙන විට ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගැනීම සඳහා වන එම නියෝගය ඉවත් කරගැනීමට රහස් පොලීසිය විරුද්ධත්වය පළ කර තිබෙනවා.

ඒ ඔහු අධිකරණයට දන්වා සිටි පරිදි මෙතෙක් භාර නොවීම හේතුවෙන්.

මේ අනුව ඔහුට එරෙහිව නිකුත් කර තිබූ එම වරෙන්තුව ඉවත් කරගැනීම කොළඹ - කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

සුනාමි අවතැන්වූවන්ට නිවාස සාදාදීමට වෙන් කළ රාඩා ආයතනයේ රුපියල් මිලියන 757 ක මුදලක් අයථා ලෙස එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙත ලබාදීම පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා එමිල් කාන්තන් අධිකරණයට අවශ්‍යව සිටියා.

ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාත්‍යන්තර මූල්‍ය කටයුතු ප්‍රධානියෙකු ලෙස කටයුතු කළ අයෙක්.

2005 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී උතුරේ ජනතාවගේ ජන්ද එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී සිටි රනිල් වික්‍රමසිංහට ලැබීම වැළැක්වීම සඳහා පසුගිය රජය සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර සම්බන්ධීකරණය සිදුකළේ මොහු හරහා බවට ද ප්‍රකාශ වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories