අගමැති - මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී

Sunday, 14 February 2016 - 13:44

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+-+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B6%9A%E0%B7%93
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ පස්වරුවේ මල්වතු හා අස්ගිරි මහානාහිමිවරුන් බැහැදුටුවා.

ඒ අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, මලික් සමරවික්‍රම ද සමගයි.

පළමුවෙන්ම මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදුටු අග්‍රාමාත්‍යවරයා අනතුරුව අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී නා හිමියන් බැහැදැක තිබෙනවා.

අස්ගිරි මහානාමියන් සමග පැවති සාකච්ඡාවට අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික භික්ෂුන් වහන්සේලා කිහිප නමක් ද එක්ව සිටියා.

එහිදී ථේරවාදී භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත පිළිබදව ද සාකච්ඡා වී තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත මහාසංඝරත්නයේ උපදෙස් අනුව සිදුකරන බවට එහිදී අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වූ බවයි සාකච්ඡාවට එක්වූ අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories