බ්‍රසීලය - සීකා වෛරසය මැඩලීමට හමුදාව යොදවයි

Sunday, 14 February 2016 - 15:32

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%BA+-+%E0%B7%83%E0%B7%93%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%A9%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B7%92
නූපන් දරුවන්ගේ විකෘතිතා ඇති කරන සීකා වෛරසය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා බ්‍රසීලය හමුදා සෙබලූන් දෙලක්ෂයකට වැඩි පිරිසක් රට පුරා යොදවා තිබෙනවා.

නොවැඩුණු මොලයක් සහිත දරුවන් 4000 ක් පමණ සීකා වෛරසය ආසාදනය වූ බ්‍රසීල මව්වරුන්ට ලැබී ඇති අතර, එය එරට දැවැන්ත සෞඛ්‍ය මෙන්ම සමාජ ප්‍රශ්නයක් බවට පත්ව ඇති බව සඳහන්.

බ්‍රසීල ජනාධිපතිනි ඩිල්මා රූසෙෆ් ප්‍රකාශ කළේ අගෝස්තු මාසයේ බ්‍රසීලයේ පැවැත්වෙන ගිම්හාන ඔලිම්පික් සැණකෙළියට සීකා වෛරසය බාධාවක් වීමට ඉඩ නොතබන බවයි.

මදුරුවන් මගින් බෝවන සීකා වෛරසයෙන් වැළකිය හැකි ආකාරය පිළිබඳ දැනුවත් කිරීමේ පත්‍රිකා මිලියන ගණනක් බ්‍රසීලය මුද්‍රණය කර ඇති අතර හමුදා සෙබලූන් ඒවා නිවසක් පාසා ගොස් බෙදා හරින බව විදෙස් වාර්තා සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories