යෝෂිත අවට විශේෂ කලාපයක්

Monday, 15 February 2016 - 7:20

%E0%B6%BA%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ්  භාරයට පත් කෙරුණු යෝෂිත රාජපක්ෂ ඇතුලූ පිරිස රඳවා සිටින කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර සිර මැදිරිය අවට විශේෂ කලාපයක් බවට පත්කර තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එන්.සී. ධනසිංහ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ යෝෂිත රාජපක්ෂ ඇතුලූ පස්දෙනා රඳවා සිටින සිරකුටිය අවට ඇති සිරමැදිරිවල සිටින විශේෂ ගණයේ අපරාධවලට සම්බන්ධ රැඳවියන් ඉවත්කර ඇති බවයි. යෝෂිත රාජපක්ෂ ඇතුලූ පිරිස රඳවා සිටි සිර මැදිරියට යාබද මැදිරියක තිබී ජංගම දුරකථනයක් හමුවීමේ සිද්ධියත් සමඟ මෙලෙස දැඩි නීති පනවා ඇති බව සඳහන්.

සී.එස්.එන්. නාලිකාවේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් රාජ්‍ය දේපළ යොදාගැනීම සහ හේතු ඉදිරිපත් කළ නොහැකි මූල්‍ය ප්‍රතිපාදනවලින් එම නාලිකාව ආරම්භ කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවට ගැනුනු යෝෂිත රාජපක්ෂ ඇතුලූ පස්දෙනා මේ මස 25 වනදා දක්වා දැනට රක්ෂිත බන්ධනාගාරගතව පසුවනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories