දූත පිරිසට 25ක් අරගෙන ජනපති පිටත්වෙයි

Monday, 15 February 2016 - 10:09

%E0%B6%AF%E0%B7%96%E0%B6%AD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%A7+25%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජනපති මෛත්‍රිපාල සිරිසේන ජර්මානු සංචාරයට පිටත්වෙයි. අද (15) පෙරවරු 09.46 ට කටාර් ගුවන් සේවයේ QR 655 යානයෙන් ජනපතිවරයා දිවයිනෙන් පිටත්වගිය බව අප වාර්තාකරු පවසයි.

දෙරට අතර ආර්ථික සහ වෙළඳ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණෙන් සංචාරයට එක්ව ඇති දූත පිරිස 25ක්. ජනාධිපතිවරයා සමඟ මංගල සමරවීර, රවී කරුණානායක, මලික් සමරවික්‍රම, මහින්ද සමරසිංහ, දයා ගමගේ යන අමාත්‍යවරුන්ද සංචාරයට එක්ව සිටිනවා.


යුරෝපා සංගමයේ ප්‍රබල සාමාජිකයෙකු මෙන්ම ලොව විශාලතම අපනයනකරුවෙකු වන ජර්මනිය වෙතින් ශ්‍රී ලංකාවට විශාල ආර්ථික වාසි අත්කරගැනීමට සංචාරය ඉවහල්වනු  ඇතැයි ජනපති  මාධ්‍ය ඒකකය  පවසයි.

ජනාධිපතිවරයාගේ ජර්මන් සංචාරයේදී ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් සමඟ පෙබරවාරි 17 වනදා විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.එහිදී ඇය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පිළිගනු ලබන්නේ හමුදා උත්තමාචාර සහිතවයි.

ජර්මන් පාර්ලිමේන්තුවේද සංචාරය කරන ජනාධිපතිවරයා එරට විදේශ අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවල නිරතවනවා.

ජර්මනියේ සංචාරයෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පෙබරවාරි 19 වනදා ඔස්ටි‍්‍රයාව බලා යාමට නියමිතයි.එහිදී ඔස්ටි‍්‍රයානු ජනාධිපති හයින්ස් ෆිෂර් මුණ ගැසෙන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එරට ව්‍යාපාරික ප්‍රජාවද මුණගැසෙනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories