දුවණියට නොපෙනෙන පියාණන්

Monday, 15 February 2016 - 12:45

%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7++%E0%B6%B1%E0%B7%9C%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A
කිසිවෙකුගේ හව් හරණක් නොමැතිව අසරණ වූ මව්වරුන් දෙදෙනෙකු ගැන අප පසුගිය දින දෙකේදී අනාවරණ කළා. එම ඉරණමටම ලක්වූ පියෙකු පිළිබඳවයි මේ.
 
වීරකැටිය - මිද්දෙනිය මාර්ගයේ, මීගස්ආර ප්‍රදේශයේ බස්නැවතුම්පළක  අසරණව සිටින්නේ ආරිවංශ අමරවීර නැමැති 74 හැවිරිදි එක්දරු පියෙක්. හක්මන - කරතොට ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහුගේ බිරිඳ මීට වසර 33 කට පෙර මියගොස් ඇති අතර, එවකට 12 හැවිරිදි වියේ පසුවූ එකම දියණිය ඔහු විසින් හදාවඩාගෙන ඇත්තේ මහත් කැපවීමෙන්.

පසුව විවාහ දිවියට ඇතුළුවන දියණිය, ඔවුන් ජීවත් වූ නිවස සහ ඉඩම විකුණා දමා ප්‍රදේශය හැර ගොස් ඇත්තේ සිය පියාද අත්හැර දමමින්.
 
එතැන් පටන් යන එනමං නොමැති වූ මේ වයෝවෘද්ධ පියාට නවාතැන වුයේ මීගස්ආර ප්‍රදේශයේ බස්නැවතුම්පලයි. ඔහුට ආහාර පාන ලැබෙන්නේ ප්‍රදේශවාසීන්ගේ අනුකම්පාවෙන්.

"....දූට හිටියේ එක පුතයි...ගේ විකුණලා යද්දී.... දැන් අවුරුදු 24ක ඉලන්දාරියෙක්... එයාවත් අහන්නේ නැද්ද මන්දා අපිට සීයාකෙනෙක් නැද්ද අම්මේ කියලා....මගේ කකුල් දෙකයි අත් දෙකයි පණ නැහැ... මාව වැඩිහිටි නිවාසවලට ගන්නෙත් නැහැ... කවුරුහරි පිහිට වෙලා මාව වැඩිහිටි නිවාසයකට ඇතුළු කරන්න....."

අසරණ වූ ආරියවංශ අමරවීර පියා ඉල්ලන්නේ එපමණයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories