විනය කමිටුවට නොපැමිණියහොත් පක්ෂයෙන් දොට්ට

Monday, 15 February 2016 - 14:07

%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7
විනය කමිටු හමුවේ පෙනී නොසිටින නිදහස් පක්ෂ පළාත්පාලන මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපන බව නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළා.

විනය කඩ කිරීමට හේතු විමසා යැවූ ලිපිවලට විරෝධය පළ කළ නිදහස් පක්ෂ පළාත්පාලන ප්‍රධානීන්ට එරෙහිව ගන්නා ලද ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට ප්‍රතිචාර ලෙසයි මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ.

මාධ්‍ය හමු පවත්වමින් පක්ෂයේ ප්‍රතිපත්ති සහ නායකත්වය විවේචනය කළ පළාත්පාලන මන්ත්‍රීවරුන් 10 දෙනෙකුට පසුගියදා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා ලිපි යවා තිබුණේ ඊට නිදහසට කරුණු විමසමින්.

කෙසේ වෙතත් එලෙස ලිපි යැවූ පළාත්පාලන ආයතන සභාපතිවරුන්ගෙන් 6 දෙනෙකු පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඊට විරෝධය පළ කළා.

ඉන් එක් නියෝජිතයෙකු තමාගෙන් ලැබුණු ලිපි විනාශ කළ අතර, තවත් දෙදෙනෙකු තමන්ට ලැබුණු ලිපි ඉරා විසි කළා.  

මෙම පළාත්පාලන ආයතන නියෝජිතයන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුව අද රැස්වන බවයි පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සඳහන් කළේ.

පසුගියදා රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාව ගත් තීරණයට අනුව ඔවුන්ට යළිත් වරක් කරුණු දැක්වීමට විනය කමිටුව එහිදී දිනයක් ලබාදෙනු ඇති බවත්, ඊට ප්‍රතිචාර නොදැක්වුවහොත් අදාළ පළාත්පාලන ආයතන ප්‍රධානීන් පක්ෂයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව නිදහස් පක්ෂ මහ ලේකම්වරයා කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories