ඥාණසාර හිමි අද අධිකරණයට

Tuesday, 16 February 2016 - 7:09

%E0%B6%A5%E0%B7%8F%E0%B6%AB%E0%B7%83%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව -  බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්  අද (16)  අධිකරණයට ඉදිරිපත් කෙරෙයි.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ  හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 09 වනදා  ඥාණසාර හිමියන්ට ඇප හිමිවූ අතර, තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව යළි අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.  

මේ අතර බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට මාර්තු මස 01 වැනිදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද අද නොතීසි නිකුත් කෙරුණා.

ඒ 2008 වසරේදී බත්තරමුල්ල - තලාහේන ප්‍රදේශයේ ආගමික මධ්‍යස්ථානයකට පහරදීමේ සිද්ධියකට අදාල නඩුවක් අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මාලනී ගුණරත්න සහ දේවිකා තෙන්නකෝන් හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

මෙම සිද්ධියට අදාල නඩුව මහාධිකරණය හමුවේ මීට පෙර විභාග වූ අතර එහිදී ඥානසාර හිමියන් ඇතුළු පිරිස නිදොස් කොට නිදහස් කර තිබුණා.

කෙසේ වෙතත් නීතිපතිවරයා මේ සම්බන්ධයෙන් පසුව අභියාචනාධිකරණය හමුවේ යළි නඩුවක් ගොනුකළා.

එය අද කැදවූ අවස්ථාවේදී සිද්ධියට අදාල විත්තිකරුවන් 12 දෙනෙකු අධිකරණයේ පෙනී සිටි අතර ඥානසාර හිමියන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බැවින් අධිකරණයට පැමිණ සිටියේ නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories