කැළණි ගගේ ගිලී අතුරුදන් වූ දැරියන් සෙවීමේ මෙහෙයුම තවදුරටත්

Tuesday, 16 February 2016 - 9:58

%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92+%E0%B6%9C%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
වැල්ලම්පිටිය - කිත්තම්පහුව ප්‍රදේශයේදී කැළණි ගෙඟ් දිය නෑමට ගොස් ඊයේ අතුරුදන් වූ ගැහැණු ළමයින් දෙදෙනා මෙතෙක් සොයා ගැනීමට නොහැකි වූ බව පොලීසිය සදහන් කළා.

ඊයේ පස්වරු 4යි 30ට පමණ මෙලෙස දියේ ගිලී අතුරුදන් වූයේ ගාල්ල - ඌරගහ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 13ක් පමණ වන දැරියන් දෙදෙනෙක්.

මෙහිදී දියේ ගිලූණු තවත් දැරියක් ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

ඌරගහ ප්‍රදේශයේ සිට වැල්ලම්පිටියේ සිය ඥාතීන්ගේ මළ ගෙදරකට පැමිණ සිටි අවස්ථාවේදීයි දැරියන් මෙම අනතුරට මුහුණ දී ඇත්තේ.

ඔවුන් සෙවීම සඳහා නාවික හමුදාවේ සහාය ඇතිව පොලීසිය කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories