මහනුවර නගරයේ අද විශේෂ රථවාහන සැලැස්මක්

Tuesday, 16 February 2016 - 10:01

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පවතින වාහන තදබදය අවම කිරීමේ අරමුණින් මහනුවර නගරයේ අද විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.

මධ්‍යම ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී දිසානායක සඳහන් කළේ අධිකරණය මගින් ලැබුණු උපදෙස් සහ දැනට පවතින අවම පහසුකම් යටතේ මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කරන බවයි.

පෙරහුරුවක් ලෙස අද දිනයේ ක්‍රියාත්මක කෙරෙන මෙහි සාර්ථකත්වය මත එය ඉදිරියට පවත්වාගෙන යාම තීරණය කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියා.

මහනුවර නගරයේ ත්‍රිරෝද රථ නැවතුම්පොළවල් වෙනස් කිරීමටත් යතුරුපැදි සඳහා වෙනම නැවතුම් ස්ථානයක් සකස් කිරීමටත් යෝජනා වී තිබෙනවා.

එමගින් මහනුවර නගරයේ යතුරුපැදි සොරකම් කිරීමේ ගැටළුවට ද විසදුම් ලැබෙනු ඇති බවයි මධ්‍යම ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති ගාමිණී දිසානායක විශ්වාසය පළ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories