අනුරාධපුර රෝහලේ වකුගඩු රෝගියෙකු සිය දිවි හානි කර ගනී

Tuesday, 16 February 2016 - 10:04

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B6%A9%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකයේ සිව්වන මහලේ වාට්ටුවක ප්‍රතිකාර ලබන රෝගියෙකු අද අලූයම ගෙළ වැළලාගෙන මිය ගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තිරප්පනේ - ඇතුන්ගම ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය සදහන් කළේ.

මෙම රෝගියා වාට්ටුවේ නොමැති නිසා හෙදියක් සිදුකළ පරීක්ෂාවකදී මොහු අදාළ වාට්ටුවේ වැසිකිලියේ වහලයක එල්ලී සිටිනු දැක තිබෙනවා.

සිය දිවි හානි කර ගත් පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිත බව පොලීසිය කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories