පුත්තලමේ තද සුළඟකින් නිවාස 30කට හානි-(ඡායාරූප)

Tuesday, 16 February 2016 - 10:12

%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%9F%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+30%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92-%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
පුත්තලම - මුල්ලිපුරම් ප්‍රදේශයට ඊයේ පස්වරුවේ වර්ෂාව සමඟ ඇති වූ තද සුළං ප්‍රවාහයකින් නිවාස රැසකට අලාභ හානි සිදුවී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ එහි නිවාස 30ක පමණ වහලය ගැලවී ගොස් ඇති බවයි.

කෙසේ නමුත් එහිදී ජිවිත හානි හෝ තුවාල කිසිවක් වාර්තා වී නැහැ.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ අදත් නැගෙනහිර සහ ඌව පළාත්වලටත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙන්ම උතුරුමැද පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.

පස්වරු 4න් පසු බස්නාහිර මධ්‍යම සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලටත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එමගින් නිකුත් කළ නිවේදනයේ සදහන්.





ඡායාරූප-හිරාන් ප්‍රියංකර


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories