ඖෂධ හිඟයක් නෑ

Tuesday, 16 February 2016 - 11:57

%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%91
දිවයින පුරා රෝහල්වල කිසිදු ඖෂධ හිඟයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි වෛද්‍ය සැපයුම් අංශයේ පවතින ඖෂධ තොග පිළිබද පරීක්ෂා සිදුකළ බවයි.

ඒ අනුව අඩු සැපයුම් ඇති ඖෂධ 24ක් හඳුනාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් එම ඖෂධවලින් ඖෂධ වර්ග 13ක් කඩිනමින් ලැබීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මීට අමතරව තවත් ඖෂධ වර්ග 11ක් ද වෛද්‍ය සැපයුම් අංශයට ලැබීමට නියමිත බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එම තොග ලැබීමෙන් අනතුරුව සියලූම රෝහල්වලට බෙදා හරින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිිවේදනයේ දැක්වෙන්නේ.

පසුගියදා වෘත්තීය සමිති රැසක් චෝදනා කළේ දිවයිනේ පිහිටි  සියලූ රෝහල්වල ඖෂධ වර්ග 50ක පමණ හිඟතාවක් පවතින බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories