ලියාපදිංචි ලිපි ලක්ෂයක් හිරවේ

Tuesday, 16 February 2016 - 13:16

%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%9A
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ බෙදාහැරිමට නොහැකි වූ ලියාපදිංචි ලිපි ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට ගොඩගැසී ඇති බව තැපැල් වෘත්තීය සමිති පවසනවා.

ජනතා තැපැල් සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජයන්ත විජේසිංහ කියා සිටියේ දෙවන පෙළ තැපැල් ස්ථානධිපතිවරුන්ගේ පුරප්පාඩුව හේතුවෙන් මෙලෙස ලියාපදිංචි ලිපි බෙදා හැරීම ප්‍රමාද වී ඇති බවයි.

කොළඹ නගරයේ සහ තදාසන්න නගරවල ලියාපදිංචි ලිපි හුවමාරු වන ප්‍රධාන තැපැල් හුවමාරුව වන්නේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවයි.

විශේෂයෙන් විදෙස් රටවල සිට අන්තර් ජාලය හරහා භාණ්ඩ ඇණවුම් කිරීමද මධ්‍යම තැපැල් හුවමාරුව හරහා සිදුවනවා.

එසේම සියලූ විභාග ප්‍රවේශ පත්‍ර සහ සම්මුඛ පරීක්ෂණ කැදවිම් ද මේ හේතුවෙන් ප්‍රමාද විය හැකි බවයි වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories