මහවිරු දිනය සමරන්න නිත්‍යානුකුල අයිතිය ඉල්ලයි

Tuesday, 16 February 2016 - 14:41

%E0%B6%B8%E0%B7%84%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B6%BD+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
එල් ටී ටී ඊ මහ විරුවන් සැමරීමට නීත්‍යානුකුල අනුමැතිය ලබාදෙන්නැයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් ලබාගැනීමේ කොමිසමට යෝජනාවක් ලැබී තිබෙනවා.

එමෙන්ම එල් ටී ටී ඊ මහවිරුවන් අනුමත කල යුතු බවටයි එම යෝජනාව මගින් ඉල්ලා ඇත්තේ.

යාපනය නැගෙනහිර ප්‍රදේශයේ ජීවත්වන පුද්ගලයකු විසින් අදාළ යෝජනාව ඊයේ ඉදිරිපත් කර ඇති බව අප වාර්තාකරු සඳහන් කලා.

එම යෝජනාව මගින් පෙන්වාදී ඇත්තේ ජාතියේ විමුක්තිය වෙනුවෙන් අරගල කර තම ජීවිත පරිත්‍යාග කල මහ විරුවන් අනුමත කර ඔවුන් සිහිපත් කිරීමට නොවැමිබර් 27වන දිනය වෙන්කල යුතු බවයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මහජන අදහස් ලබාගැනීමේ කොමිසම අද දිනයේදීත් යාපනයේ ජනතාවගෙන් අදහස් හා යෝජනා ලබාගැනීම සිදුකරන බවයි එම කමිටුවේ සභාපති ලාල් විජේනායක මහතා සඳහන් කලේ.

ඊට අමතරව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති කමිටුවකින් ද අදහස් ලබාගන්නා බව ලාල් විජේනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories