ඥානසාර හිමිට අදත් ඇප නැහැ

Tuesday, 16 February 2016 - 16:17

%E0%B6%A5%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B4+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ලබන 23 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයයි මෙම නියෝගය ලබාදුන්නේ.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කිරීමේ සිද්ධියට අදාළවයි  -  බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද (16)  අධිකරණයට ඉදිරිපත් කෙරුනේ.

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 09 වනදා  ඥාණසාර හිමියන්ට ඇප හිමිවූ අතර, සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව යළි අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.  

මේ අතර බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට මාර්තු මස 01 වැනිදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද පසුගියදා නොතීසි නිකුත් කෙරුණා.

ඒ 2008 වසරේදී බත්තරමුල්ල - තලාහේන ප්‍රදේශයේ ආගමික මධ්‍යස්ථානයකට පහරදීමේ සිද්ධියකට අදාල නඩුවක් අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මාලනී ගුණරත්න සහ දේවිකා තෙන්නකෝන් හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

මේ අතර හෝමාගම අධිකරණ භූමියේදී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ පොලීසියට භාර වූ ස්වාමීන් වහන්සේලා සිව් නමක් අද හෝමාගම අධිකරණයේදී හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කෙරුණා.  

පසුව රාවණාබලය සංවිධානයේ කැදවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්, සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන්, සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ඇතුලූ 11 දෙනෙකු මාර්තු පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories