තොටළග උණුසුම් - ප්‍රදේශවාසීන් තවමත් මහපාරේ - මාර්ග වැසෙයි

Wednesday, 17 February 2016 - 7:01

%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%85%E0%B6%9C+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+-++%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A+-+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කොළඹ තොටළග - ෆර්ගියුෂන් මාර්ගය ප්‍රදේශයේ  ඉදිකර තිබූ අනවසර නිවාස, නාගරික සංවර්ධන අධිකාරිය ඊයේ (16) ඉවත් කිරීමට පියවර ගත්තා. කෙසේ වෙතත්, ප්‍රදේශවාසීන් මෙම ඉවත් කිරීමට විරෝධය පළ කිරිමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

තොටළග - ෆර්ගියුෂන් මාර්ගයේ  තොටළඟට සමීප මෙම ස්ථානයේ අනවසර නිවාස 200කට අධික සංඛ්‍යාවක් ඉදිකර තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය පැවසුවේ ජනතාවට මෙම නිවාසවලින් ඉවත් වීමට මීට වසරකට පමණ පෙරද දැනුම් දී තිබූ බවයි. ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය  එම අනවසර නිවාස ඉවත් කිරීමට පියවර ගත්තා. කෙසේ වෙතත්, ප්‍රදේශවාසීන් ඊට විරෝධය පළ කළේ නිවාසවලින් ඉවත්වීමට නම් වෙනත් නිවාස ලබා දෙන ලෙස ඉල්ලීම් කරමින්.

තත්ත්වය  පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ද යොදවනු ලැබුවා. ප්‍රදේශවාසීන්ගේ විරෝධාතාවය මධ්‍යයේ අනවසර නිවාස ඉවත් කිරීම සිදු කෙරුණා.

මෙම ඉවත් කිරීමට විරෝධය පළකරමින් ප්‍රදේශවාසීන් ඊයේ  පස්වරුවේ සිට තොටළග මංසන්ධිය අවහිර කරමින් විරෝධතාවයක  නිරතවෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories