හිටපු කොටි දෙදෙනෙකුගෙන් ප්‍රකාශයක්

Wednesday, 17 February 2016 - 7:49

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු LTTE  සාමාජිකයින් දෙදෙනෙකු රජයේ සාක්ෂිකරුවන් ලෙස ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක ඉදිරියේ ඔවුන් ඊයේ (16) මෙම ප්‍රකාශ ලබාදුන් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ත්‍රිකුණාමලය - කුච්චවේලි සහ මඩකලපුව- කල්අඩි ප්‍රදේශවල පදිංචි මොවුන් ගිරිතලේ යුද හමුදා කඳවුරේ රඳවා සිටි දෙදෙනෙක්.

මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ පැහැරගැනීම සඳහා උපයෝගී කරගත් දුරකථන සිම් මිලදී ගෙන ඇත්තේ  LTTE  සංවිධානය විසින් මෙම LTTE සාමාජිකයින් දෙදෙනාගෙන් එක් අයෙකුට සකස් කරන ලද හැඳුනුම්පතක් උපයෝගී කරගනිමින් බවයි පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

එක්නැලිගොඩ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා නිලධාරීන් හත්දෙනෙකු රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන මේ වනවිට පසුවන්නේ රක්ෂිත බන්ධනාගාර ගතවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories