ට්‍රම්ප්ට ඇමරිකානු ජනාධිපති විය නොහැකියි

Wednesday, 17 February 2016 - 14:48

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92
රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප්ට ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස පත්විය නොහැකි බව එරට ජනාධිපති බැරක් ඔබාමා පවසනවා.

ඔහු කියා සිටියේ ඇමරිකානු ජනාධිපතිවරණය යනු ප්‍රාසාංගික අත්දැකීමක් නොවන බවයි.

එය වගකීමක් සහිත මැතිවරණයක් බැවින් විහිළුවකට බාරනොගත යුතු බවද ඔබාමා සඳහන් කළා.

ඇමරිකානු ජනාධිපතිවරයාට ලෝක නායකයන් සමඟ එකට වැඩ කළ හැකි බුද්ධියක් පැවතිය යුතු බවද ඔහු පවසනවා.

මේ නිසා ඉදිරි ජනාධිපතිවරණයේදී ඇමරිකානු ජනතාව බුද්ධිමත් ලෙස ජනාධිපතිවරයෙකු තෝරා ගනු ඇති බවට තමන් අපේක්ෂා කරන බවයි බැරක් ඔබාමා කියා සිටියේ.

ඇමරිකානු ජනාධිපතිවරණ සටනට ඉදිරිපත්ව සිටින රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ගේ ඇතැම් ප්‍රකාශ ලෝක නායකයින්ගේ දැඩි දෝෂදර්ශණයට ද ලක් වුණා.

කෙසේ වෙතත් ජනාධිපතිවරණ සටනේ ට්‍රම්ප් ඉදිරියෙන් පසුවනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories