නාරාහේන්පිටින් කොකේන් සමඟ තරුණියක් අත්අඩංගුවට

Thursday, 18 February 2016 - 14:25

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%9A%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නාරාහේන්පිට මන්ත්‍රී නිවාස පෙදෙසෙහි කොකේන් සහ විශේෂ හතු වර්ගයක් උපයෝගී කරගනිමින් අන්තරාදායක ඖෂධයක් නිෂ්පාදනය කළ නිවසක් වලාන දූෂණ මර්දන ඒකකය විසින් ඊයේ (17) සවස වටලා තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ සිද්ධියට අදාළව වයස අවුරුදු 21 ක තරුණියක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඇයගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වී ඇත්තේ ඇමරිකාවේ සිට ගුවන් මගින් මෙරටට පැමිණෙන විදෙස් කාන්තාවන් හරහා මෙම ඖෂධය ගෙන්වාගෙන ඇති බවයි.

වැටලීම සිදුකරන අවස්ථාවේදී නිවසේ තිබී නිෂ්පාදනය කරන ලද ඖෂධ පැකට් 27 ක් සහ තවත් ඖෂධ වර්ග අඩංගු කුඩා බෝතල් 42 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories