කලවැද්දා කිව්වේ මහින්දට නොවෙයි - එස්.බී.නුවරදී කියයි

Thursday, 18 February 2016 - 19:02

%E0%B6%9A%E0%B6%BD%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B6%E0%B7%93.%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අමාත්‍ය එස්.බී. දිසානායක පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළවැද්දෙකු ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් අදත් (18) මාධ්‍ය හමු කිහිපයකදී විරෝධය පළවුණා.

සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන්ගේ සංගමය අද (18) කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම්, පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර කියා සිටියේ තම විෂය භාර අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය පිළිකුල් සහගත බවයි.

යහපාලන ආණ්ඩුවේ ඡන්ද කඩන මැෂිම බවට එස්.බී.දිසානායක අමාත්‍යවරයා පත්ව ඇති බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත අද ප්‍රකාශ කළා.

ඒ, කළුතර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්.

කෙසේ වෙතත්, අමාත්‍ය එස්.බී.දිසානායක මහනුවර අද පැවති මාධ්‍ය හමුවකදී තම ප්‍රකාශය සම්බන්ධයෙන් යළි කරුණු පැහැදිලි කළා.

එහිදී ඔහු කියා සිටියේ තමන්ට ගෙම්බා යැයි ප්‍රකාශ කළ අයට තමන් කලවැද්දා ලෙස ප්‍රකාශ කළ බවත්, හිටපු ජනාධිපතිවරයාට කලවැද්දා ලෙස ආමන්ත්‍රණය නොකළ බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories