ගුරු පුරප්පාඩු 5000 කට විසදුම්

Friday, 19 February 2016 - 8:18

%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+5000+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
ජාතික සහ පළාත් සභා පාසල්වල පුරප්පාඩු වී ඇති විද්‍යා ගණිත සහ ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු 5315 ක් කඩිනමින් සම්පූර්ණ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජාතික පාසල් සදහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ද පළාත් සභාවට අයත් පාසල් සදහා අදාළ පළාත් සභාවලින් ද බඳවා ගැනීම් සිදුකිරීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ පිහිටුවා ඇති ජාතික මෙහෙයුම් මැදිරිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ මෙම ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සදහා ඉලක්ක ගත දිනය ලෙස මේ වසරේ ජුනි 6 වනදා නම් කර ඇති බවයි.

පාසල් මට්ටමින් පවතින පුරප්පාඩු සදහා අයදුම්පත් කැදවීමේ දැන්වීම් මාර්තු 4 වනදා සිට ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

මේ යටතේ ජාතික සහ පළාත් සභා පාසල්වල පවතින විද්‍යා ගණිත සහ ඉංග්‍රීසි සියලූම ගුරු පුරප්පාඩු පිරවීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජාතික මෙහෙයුම් මැදිරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

පළාත් මට්ටමේ වැඩිම පුරප්පාඩු සංඛ්‍යාවක් එනම් 1134 ක් නැගෙනහිර පළාතේ පවතින අතර, අවම පුරප්පාඩු සංඛ්‍යාවක් එනම් 157 පවතින්නේ බස්නාහිර පළාතේයි.

ඊට අමතරව මධ්‍යම පළාතේ පුරප්පාඩු 930 ක්, ඌව පළාතේ ගුරු පුරප්පාඩු 500 ක් සහ උතුරු පළාතේ පුරප්පාඩු 569 ක් මෙම වැඩසටහන යටතේ සම්පූර්ණ කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories