තමිල්නාඩු ධීවරයන් මුහුද වර්ජනය කරයි

Friday, 19 February 2016 - 8:22

%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඉන්දු - ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දුපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මේ මස 20 වනදා සහ 21 වනදා පැවැත්වෙනවා.

ඒ සදහා සියලූ කටයුතු සංවිධාන කරන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවයි.

මේ අතර කච්චතිව් දුපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය පැවැත්වෙන කාලය තුළ මුහුදු යාමෙන් වැළකී සිටීමට තමිල්නාඩු ධීවරයන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව රාමේෂ්වරමේ සිට පෝක් සමුද්‍ර සන්ධියට පිවිසෙන සියලූම යාන්ත්‍රික බෝට්ටු පෙබරවාරි 14 වනදා සිට නතර කළ බවත් එය ලබන 21 වනදා තෙක් ක්‍රියාත්මක වන බවත් තමිල්නාඩු ධීවර සංගම් ප්‍රකාශ කළා.

මෙම කාලය තුළ කච්චතිව් දුපතේ ශාන්ත අන්තෝනි මංගල්‍යය සඳහා යන තමිල්නාඩු ට්‍රෝලර් යාත්‍රා ද පරීක්ෂාවට ලක් කිරීමට නියමිතයි.

තමිල්නාඩු ධීවර බලධාරින් මෙම පියවර ගෙන ඇත්තේ ඔවුන් එම කාලය තුළ ධීවර කටයුතුවල නිරත වීම වළක්වාලීම සදහායි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories